රෝගියෙකුගේ ATM කාඩ්පතකින් ලක්ෂ 04ක් සොරාගත් රෝහල් උපස්ථායක සොයා විමර්ශන
Tuesday, 03 November 2020 - 19:44 | Views - 371
කළුතර - නාගොඩ රෝහලේ ප්රතිකාර ලැබූ වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ පසුම්බියේ තිබූ ඒ.ටී.එම් කාඩ්පත සොරා ගෙන රුපියල් ලක්ෂ 04 කට අධික මුදලක් ලබා ගත් පුද්ගලයෙකු සොයා දකුණු කළුතර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පයාගල ප්රදේශයේ පදිංචි සැකකරු හඳුනාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරු උපස්ථායක සේවා සපයන්නෙකු බවටද වාර්තා වනවා.
Share This Article