MOH කොට්ඨාශ 55ක් අවදානම් - 161 කින් කිසිදු ආසාදිතයෙකු නැහැ
Tuesday, 03 November 2020 - 19:40 | Views - 1,746

කොළඹ - ජම්පටා වීදියේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් පෙරේදා ජිවිතක්ෂයට පත්ව තිබූ අතර, එය මෙරට 22 වන කොරෝනා මරණය බවට අද (03) තහවුරු වුණා.
ඒ ඇයගේ මරණයෙන් පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵලයට අනුවයි.
ඇය මියයාමට ආසන්නතම හේතුව කොවිඩ් නියුමෝනියා තත්ත්වය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
මියගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු වශයෙන් මීට පෙර හඳුනාගෙන ඇති අතර, පවුලේ අනෙකුත් සාමාජිකයන්ද නිවස තුළ නිරෝධායනයට ලක් කර තිබූ බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ.
මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 5,581 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, වෛරසය ආසාදනය වී සුවය ලැබූවන් 332 ක් අද (03) රෝහල් වලින් නික්ම යාමත් සමඟයි.
මේ වනවිට වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටින මුළු රෝගීන් සංඛ්‍යාව 6005ක්.
මෙරටින් දැනට වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 11,607 ක්.
එසේම, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්රිත කොරෝනා පොකුර නිර්මාණය වී අදට මසක් සපිරෙන අතර, එම පොකුරෙන් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 7,857 ක්.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වත්මන් කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 356 ක් වන දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වලින් 55 කට ආසන්න සංඛ්‍යාවක් අධි අවදානම් බල ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවයි.
ඔවුන් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොට්ඨාශ 161 කින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැති බවයි.
කෙසේ වෙතත්, මේ වනවිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලින් කොරෝනා ආසාදිතයින් වාර්තා වන අතර, මෙතෙක් ආසාදිතයෙකු වාර්තා නොවූ කිලිනොච්චියෙන් ද මේ වනවිට රෝගියෙකු වාර්තා වනවා.
පවතින බැරැරෑම් සහ සංකීර්ණ තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා ප්‍රමුඛතා පදනම මත යෝජනා 08ක් ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.
දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම, දිස්ත්‍රික් අතර සංචරණය සීමා කිරීම, පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම ඇතුළු යෝජනා එහි ඇතුළත්.
මේ අතර, කොළඹ ජාතික රෝහල තුළ කොවිඩ් 19 පරීක්ෂණ රසායනාගාරයක් ස්ථාපිත කිරීම උවමනාවෙන්ම මඟහැර ඇති බවට චෝදනා කරමින් රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමු කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ කොළඹ ජාතික රෝහලට කොරෝනා පරීක්ෂණ රසායනාගාරයක දැඩි අවශ්‍යතාවයක් පවතින නමුත්, රෝහල ස්ථාපිත කිරීමට නියෝග ලබාදුන් අණුක ජීවි රසායනාගාර ද්විත්වය ස්ථාපිත කිරීම විවිධ අඩුපාඩු දක්වමින් දිගින් දිගටම ප්‍රමාද කරන බවයි.
එසේම, කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන ක්ෂුද්‍ර ජීවි විශේෂඥවරිය සිය අභිමතය පරිදි සමාගම් සන්නාමය යටතේ උපකරණ ගෙන්වා ගැනීමට සිදුකර ඇති බලපෑම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සිටින බවයි එම ලිපියෙන් දක්වා ඇත්තේ.
එමෙන්ම, කොරෝන ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ බත්තරමුල්ල - ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල ද තාවකාලිකව වසා දමා තිබෙනවා.
දින 3 කට පසු තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය අද (03) විවෘත කළත්, එළවළු මිලදී ගැනීමට වෙළඳුන් පැමිණ නොසිටි බව අප ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රකාශ කළා.
එසේම, ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියා බදුල්ල මහාධිකරණයේ පැවති නඩු කටයුත්තක් සඳහා පසුගිය 26 වනදා සහභාගි වී ඇති අතර, එය අනාවරණ වීමත් සමඟ බදුල්ල මහාධිකරණයේ අදට නියමිත නඩු සියල්ල කල් දැමුණා.
මේ අතර, කොරෝනා රෝගීන් හට සේවා සැපයීමේදී ආරක්ෂිත ඇඳුම් කට්ටල නොමැතිවීම සහ ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ රාජකාරියට පැමිණීමට ප්‍රවාහන පහසුකම් නොලැබීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් හෝමාගම මූලික රෝහලේ සුළු සේවකයින් අද (03) දහවල් රාජකාරියෙන් ඉවත් වෙමින් රෝහල් පරිශ්‍රය තුළ නිහඬ විරෝධතාවක නිරත වුණා.
එසේම, කොරෝනා ආසාදිත රෝගීන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කර ඇති පුලතිසිපුර අධ්‍යාපන විද්‍යා පීඨයෙන් බැහැර කරන අපජලය වගාබිම්වලට ගලායෑම හේතුවෙන් තමන් සෞඛ්‍ය අවදානමකට මුහුණ දී ඇති බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා.
Share This Article