පාර්ලිමේන්තු සභාවේ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පත් කෙරේ
පාර්ලිමේන්තු සභාවේ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පත් කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ඊයේ (02) ඒ සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කර ඇති අතර, ඊට ඔහුගේ අනුමැතිය ද හිමිව ඇති බවයි. 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තු සභාවේ සංයුතිය ද වෙනස් වනවා. ඒ අනුව, පාර්ලිමේන්තු සභාව අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළුව, අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන නියෝජිතයෙකු, කතානායක විසින් පත් කරන නියෝජිතයෙකු හා විපක්ෂ නායකවරයා විසින් පත් කරන නියෝජිතයෙකුගෙන් සමන්විතයි.