මෙරට 22වන කොරෝනා ආසාදිත මරණය වාර්තාවී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි කාන්තාවක්.
පසුගිය 01 වනදා කොළඹ ජම්පටා වීදියේ නිවසකදී මියගොස් පශ්චාත් මර්නා පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කරන ලද එම කාන්තාවගේ දේහය සම්බන්ධයෙන් කරන ලද PCR පරීක්ෂනයකදී ඇයට මෙලෙස කොරෝනා අසාදනය වී ඇති බව අනාවරණ වී තිබෙනවා.
මෙම මියගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස මීට පෙර හඳුනාගෙන ඇති අතර අනෙකුත් සාමාජිකයන්ද නිවාස නිරෝධායනයට ලක්කර ඇති බවයි සඳහන් වන්නේ.