චීනයේ යළිත් වරක් කොවිඩ් 19 වෛරසය හිස එසවීමේ අවදානමක්
Tuesday, 03 November 2020 - 14:01 | Views - 501

චීනය තුළ යළිත් වරක් කොවිඩ් 19 වෛරසය හිස එසවීමේ අවදානමක් මතු වී තිබෙනවා.
ගෙවුණු දිනය ඇතුළත චීනයෙන් නව ආසාදිතයින් 49ක් හඳුනා ගැනීමත් සමඟ එරට ප්‍රධාන නගර ආශ්‍රිතව යළි කොවිඩ් 19 ආසාදිතයින් ඉහළයාමේ ප්‍රවණතාවයක් මතුවී ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ හේතුවෙන් ෂැංහයි ඇතුළු නගර රැසක කොවිඩ් පරීක්ෂාවන් සිදු කිරීම දැඩි කර තිබෙනවා.
ගෙවුණු දිනය ඇතුළත ගෝලීයව හඳුනා ගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 472,997ක්.
ඉන් බහුතරයක් වාර්තා වන්නේ අමෙරිකාව, ඉන්දියාව සහ ප්‍රංශයෙන්.
යුරෝපා කලාපය කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මේ වනවිට දැඩි අර්බුදයකට මුහුණ පා සිටින අතර ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤ සහ රුසියාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.
මේ හේතුවෙන් එම රටවල දැඩි සංචරණ සීමා පනවා තිබෙනවා.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අනතුරු අඟවන්නේ එරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ යා හැකි බවටයි.
මේ වනවිට යුරෝපා කලාපයෙන් වාර්තා වන බහුතර ආසාදිතයින් තරුණ තරුණියන් වනවා.
රෝහල් ගතවීමේ ප්‍රතිශතය ශීඝ්‍ර ලෙස ඉහළයාම හේතුවෙන් එම රටවල රෝහල් පද්ධති දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා.
බ්‍රිතාන්‍යයේ ඇතැම් ප්‍රාදේශීය රෝහල් සඳහා රුසියාවෙන් වෛද්‍යවරුන් ගෙන්වා ගැනීමට එරට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පැනමා ජනාධිපති ලොරෙන්ටිනෝ කෝටීසෝගේ සමීපතමයෙකුට කොවිඩ් 19 වැළඳීම හේතුවෙන් ජනාධිපතිවරයා නිරෝධායනයට යොමු කිරීමට එරට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.
Share This Article