ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට නව වැඩපිළිවෙලක්
Tuesday, 03 November 2020 - 13:58 | Views - 439
බස්නාහිර පළාත ඇතුළු පොලිස් බල ප්‍රදේශ 114ක සහ නගර සභා බලප්රදේශයක මේ වනවිට නිරෝධායන ඇඳිරි නීති ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා ප්‍රදේශ බවට පත් කර ඇති බවයි.
ගත වූ පැය 24 තුළ පුද්ගලයින් 180 දෙනෙකු සහ වාහන 25 ක නිරෝධායන ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මේ අතර, ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Share This Article