පැය දෙකකට රැස්වූ පාර්ලිමේන්තුව කොරෝනා නිසා උණුසුම් වෙයි
Tuesday, 03 November 2020 - 13:55 | Views - 413
කොරෝනා දෙවන රැල්ල පාලනය කිරීමට ආණ්ඩුව සාර්ථකව පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ වෛද්‍ය ආඥා පනත යටතේ නියෝග කිහිපයක් විවාදයට ගැනීමේ අවස්ථාවට එක්වෙමින්.
අමාත්‍යවරිය රජයේ කොරෝනා මර්දන වැඩසටහන සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් පළ කළ අතර, එහිදී විපක්ෂය හා අමාත්‍යවරිය අතර විටින්විට ඇතිවූයේ උණුසුම් සංවාදයක්.
අද උදෑසන 10 ට ආරම්භ වූ පාර්ලිමේන්තුවේ කටයුතු පැය දෙකකට සීමා කර තිබූ නමුත්, එම කටයුතු තවත් මිනිත්තු 30 කින් දීර්ඝ කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා.
මේ අතර, රජයේ මුදල් පිලිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම්කාරක සභාව විසින් නම් කරන ලද සාමාජිකයන් 18 දෙනාගේ නම් කතානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
Share This Article