නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුලදී රාජ්‍ය / අර්ධ රාජ්‍ය ආයතනයක හෝ ව්‍යස්ථාපිත මණ්ඩලයක හෝ සංස්ථාවක හෝ අවසර දී ඇති පුද්ගලික ආයතනයක කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඉහත සඳහන් ආයතනවල සේවකයන් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ගමන් කිරීමට තම සේවා හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත සමග ආයතන ප්‍රධානියා විසින් සේවයට කැඳවීමේ ලිපියක් ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට භාවිත කළ හැකි බව එම නිවේදනයෙන් දැනුම්දී තිබෙනවා.
මෙලෙස අවසරය හිමිවන අදාළ ආයතන සහ එම කොන්දේසි ඇතුලත් මාධ්‍ය නිවේදනය පහතින්.


