අභිරහස් ලෙස ඝාතනය කළ කාන්තාවකගේ, මළසිරුරක් මාතරින් සොයාගනී
Tuesday, 03 November 2020 - 11:46 | Views - 456
මාතර - උයන්වත්ත - ධර්මරත්න මාවතේ නිවසක අභිරහස් ලෙස ඝාතනය කරන ලද කාන්තාවකගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.
67 හැවිරිදි එම කාන්තාව නිවසේ තනිව සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
31 වනදා එම කාන්තාව පිළිබඳව තොරතුරක් නොමැති හේතුවෙන් අසල්වාසීන් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ මෙම මළ සිරුර සොයා ගෙන තිබෙනවා.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
Share This Article