ආර්ජන්ටිනාව, රුසියානු කොවිඩ් එන්නතෙන් මිලියන 10ක් ඉල්ලයි
Tuesday, 03 November 2020 - 10:27 | Views - 1,012
කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සීග්‍රයෙන් ඉහළ යන ලතින් ඇමරිකානු ආර්ජන්ටිනාව, රුසියානු කොවිඩ් 19 එන්නතෙන් මාත්‍රා මිලියන 10 ක් ඇනවුම් කර තිබෙනවා.

ස්පුට්නික් - 05 ලෙස නම් කෙරුණු සිය එන්නත සාර්ථක ප්‍රතිඵල අත්කර දෙන බව ප්‍රකාශ කළ රුසියාව එය මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ රුසියානු නියාමනයේ අනුමැතිය ඊට හිමිවීමෙන් අනතුරුවයි. ආර්ජන්ටිනාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 1,183,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව 31,623 ක්.

මේ වනවිට කොරෝනා වෛරසයෙන් ලොව හත්වෙනුව වැඩිම පීඩාවට ලක්වූ රට වන්නේ ආර්ජන්ටිනාවයි.

ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් ප්‍රකාශ කළේ අනෙකුත් එන්නත් හා සසඳන විට සාර්ථක ලෙස සැලකිය හැකි රුසියානු එන්නතෙන් මාත්‍රා මිලියන 10 ක් ලබන දෙසැම්බර් සහ ජනවාරි මාස තුල අපේක්ෂා කරන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top