ආර්ජන්ටිනාව, රුසියානු කොවිඩ් එන්නතෙන් මිලියන 10ක් ඉල්ලයි
Tuesday, 03 November 2020 - 10:27 | Views - 1,013
කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සීග්‍රයෙන් ඉහළ යන ලතින් ඇමරිකානු ආර්ජන්ටිනාව, රුසියානු කොවිඩ් 19 එන්නතෙන් මාත්‍රා මිලියන 10 ක් ඇනවුම් කර තිබෙනවා.
ස්පුට්නික් - 05 ලෙස නම් කෙරුණු සිය එන්නත සාර්ථක ප්‍රතිඵල අත්කර දෙන බව ප්‍රකාශ කළ රුසියාව එය මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.
ඒ රුසියානු නියාමනයේ අනුමැතිය ඊට හිමිවීමෙන් අනතුරුවයි. ආර්ජන්ටිනාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 1,183,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව 31,623 ක්.
මේ වනවිට කොරෝනා වෛරසයෙන් ලොව හත්වෙනුව වැඩිම පීඩාවට ලක්වූ රට වන්නේ ආර්ජන්ටිනාවයි.
ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් ප්‍රකාශ කළේ අනෙකුත් එන්නත් හා සසඳන විට සාර්ථක ලෙස සැලකිය හැකි රුසියානු එන්නතෙන් මාත්‍රා මිලියන 10 ක් ලබන දෙසැම්බර් සහ ජනවාරි මාස තුල අපේක්ෂා කරන බවයි.
Share This Article