ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් සහ මරණ වාර්තාගත ලෙස ඉහළට
Tuesday, 03 November 2020 - 9:20 | Views - 636
ගතවූ සතිය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 18% කින් එනම් පන්ලක්ෂ 75,000කින් පමණ ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
එමෙන්ම, ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාවද ගතවූ සතියේදී 3% කින් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය සති 04 පුරාම ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ ගිය අතර, ජනාධිපතිවරණයේ ප්රචාරක ව්‍යාපාර උණුසුම්වීමත් සමඟ පසුගිය සති දෙක තුළ එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියා.
නොවැම්බර් 01 වැනිදායින් අවසන් වූ සතිය තුළ ඇමරිකානුවන් 5,800ක් කොරෝනා ආසාදනයෙන් මියගිය අතර, එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ 37,000කට ආසන්නයි.
එමෙන්ම, ඇමරිකාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයින් 95 ලක්ෂ 67,000ක් වාර්තා වනවා.
Share This Article