දෝනි යළිත් අයි.පී.එල්. සිහිනයක
Tuesday, 03 November 2020 - 9:02 | Views - 433
එම් එස් දෝනි කියන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂතම මෙන්ම ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයෙක්.
ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන දක්ෂකම මෙන්ම දැඩි ඇල්ම නිසාම ඉන්දීය හදවත් තුල ඔහු නොමකෙන තරුවක් බවට පත්ව සිටිනවා. කෙසේවෙතත් මෙවර අයි.පි.එල් තරඟාවලියේ වැඩි දක්ෂතා අතරට පැමිණීමට නොලැබුණු ඔහු පිලිබදව බොහෝ දෙනා සිතා සිටියේ මෙවර තරඟාවලියෙන් පසු ඔහු යළිත් අයි.පි.එල් සදහා ක්‍රීඩා නොකරන ඇති බවටයි.
කෙසේනමුත් ජනප්‍රිය විස්තර විචාරකයෙකු වූ ඩැනී මොරිසන් ඒ පිලිබදව ඔහුගෙන් විමසා සිටියදී ඔහු පවසා තිබෙන්නේ මීළඟ වසරේදීද තම කණ්ඩායම වෙනුවෙන් තමන් ක්‍රීඩා කරන බවයි.
ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පසු ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයින් බොහෝ දෙනා සතුටට පත්ව තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
ජනප්‍රිය විස්තර විචාරකයෙකු වූ ඩැනී මොරිසන් විසින් එම ප්රශ්නය ඔහුගෙන් ඇසීමෙන් පසු ඔහු එයට පිළිතුර ලබා දී තිබෙන්නේ " Definitely not " යනුවෙනි.
Share This Article