ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයන් ගැන සොයන්න බුද්ධි අංශ යොදවයි
Tuesday, 03 November 2020 - 8:37 | Views - 273
නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවලට අමතරව තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මෙලෙස හුදෙකලා කිරීමට ලක් කර තිබෙනවා.

එමෙන්ම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයද ඊයේ සිට හුදෙකලා කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවද නිවේදනය කළේ.

මේ අතර, ස්වයං නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින් නිවෙස්වලින් පිටතට පැමිණෙන්නේද යන්න සෙවීම සඳහා බුද්ධි අංශ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඒ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාත සහ ඇහැලියගොඩ, කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ලබාගැනීම සඳහා ජංගම වෙළඳසැල් නිවෙස් අසලටම පැමිණීමේ ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන, බෝකුන්දර, නාරාහේන්පිට යන ආර්ථික මධ්‍යස්ථාන  හෙට දිනයේ විවෘත කරන බවයි.

ඒ අනුව එහි සේවකයින්ගේ පී සී ආර් පරික්ෂණ අද දිනයේ සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඇඳිරි නීතිය පැවතියද පිටකොටුවේ තොග වෙළඳසැල් අද විවෘතව තබන බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ සභාපති එස්. රාජේන්ද්‍රන් කියා සිටියේ.

මේ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත කර්මාන්තශාලා, අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුමත කර්මාන්තශාලා, ඉදිකිරීම් කටයුතුවල නිරත ආයතන, ධීවර, කෘෂිකාර්මික ඇතුලු තවත් ක්‍ෂේත්‍රවල තම රාජකාරි අවශ්‍යතාවන් සඳහා ඇඳිරි නීති බලපත්‍ර ලබාගැනීමට පොලීසිය අයදුම්පත්‍රයක් නිකුත් කර තිබෙනවා. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top