පළමු වරට විශ්වවිද්‍යාල සඳහා අතිරික්ත සිසුන් දස දහසකට වැඩි සංඛ්‍යාවකට අවස්ථාව
Tuesday, 03 November 2020 - 8:15 | Views - 400
පළමු වරට මෙරට විශ්වවිද්‍යාල සඳහා අතිරික්ත සිසුන් දස දහසකට වැඩි සංඛ්‍යාවක් බඳවාගැනීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළා.

එමෙන්ම, මේ වනවිට තැපෑල අක්‍රියව පැවතීම හේතුවෙන් කඩඉම් ලකුණු අනුව විශ්වවිද්‍යාල පාඨමාලා සහ තමන් තෝරාගත් විශ්වවිද්‍යාලය වෙනස් කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඒ පිළිබඳව විද්‍යුත් තැපෑල හරහා අභියාචනා ඉදිරිපත් කරන ලෙසයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉල්ලා සිටියේ.

ඒ සඳහා www.ugc.ac.lk වෙබ් අඩවිය හෝ ඍජුවම [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ අභියාචනා ඉදිරිපත් කිරීමට සිසුන්ට අවස්ථාව සැලසෙනවා.

මේ අතර සෞඛ්‍ය නිර්දේශ මත, තුන්වන පාසල් වාරය ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළා. පාසල් ආරම්භවීමට නියමිතව තිබුණේ ලබන 09 වනදායි.

කෙසේ වෙතත්, අන්තර්ජාලය ඔස්සේ සහ දුරස්ථ ක්‍රමවේදයන්ට අනුව විෂය නිර්දේශ ඉගැන්වීමේ කටයුතු සිදුකරන බවයි අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top