පළමු වරට මෙරට විශ්වවිද්‍යාල සඳහා අතිරික්ත සිසුන් දස දහසකට වැඩි සංඛ්‍යාවක් බඳවාගැනීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළා.
එමෙන්ම, මේ වනවිට තැපෑල අක්‍රියව පැවතීම හේතුවෙන් කඩඉම් ලකුණු අනුව විශ්වවිද්‍යාල පාඨමාලා සහ තමන් තෝරාගත් විශ්වවිද්‍යාලය වෙනස් කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඒ පිළිබඳව විද්‍යුත් තැපෑල හරහා අභියාචනා ඉදිරිපත් කරන ලෙසයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉල්ලා සිටියේ.
ඒ සඳහා www.ugc.ac.lk වෙබ් අඩවිය හෝ ඍජුවම
[email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ අභියාචනා ඉදිරිපත් කිරීමට සිසුන්ට අවස්ථාව සැලසෙනවා.
මේ අතර සෞඛ්‍ය නිර්දේශ මත, තුන්වන පාසල් වාරය ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළා. පාසල් ආරම්භවීමට නියමිතව තිබුණේ ලබන 09 වනදායි.
කෙසේ වෙතත්, අන්තර්ජාලය ඔස්සේ සහ දුරස්ථ ක්‍රමවේදයන්ට අනුව විෂය නිර්දේශ ඉගැන්වීමේ කටයුතු සිදුකරන බවයි අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ.