පාර්ලිමේන්තුව අද පැය දෙකකට සීමාවෙයි
Tuesday, 03 November 2020 - 8:09 | Views - 266
පාර්ලිමේන්තුව අද උදෑසන 10 ට රැස්වීමට නියමිතව තිබෙනවා.

කොරෝනා වසංගතය පවතින බැවින් පැය දෙකක කාලයකට අද දිනයේ පාර්ලිමේන්තු කටයුතු සීමා කර ඇති අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් වෛද්‍ය ආඥා පනතට ඉදිරිපත් කර ඇති නියෝග දෙකක් විවාදයට ගැනීමට නියමිතයි.

පාර්ලිමේන්තුව පැවැත්වෙන කාලය සීමා කිරීම හේතුවෙන් මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරයද අද පැවැත්වෙන්නේ නැහැ.

එසේම පාර්ලිමේන්තුව පැවැත්වෙන අද දිනයේ මන්ත්‍රීවරුන්, ආරාධිත නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයට හැර වෙනත් කිසිවෙකුට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ඇතුලුවීමට ඉඩ නොලැබෙන අතර, පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ටද අවසර නොලැබෙන බවයි එහි සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ අතර විසිවන ආණ්ඩුක්‍රම සංශෝධන පනත අද මුද්‍රණය කරන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළා.

ඊට අදාළ පිටපත් දහසක් මුද්‍රණය කිරීමට නියමිත අතර, ඉන් 700 ක් පමණ පාර්ලිමේන්තුවට භාරදීමට නියමිතයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top