වේල්ලෙන් පහළට තල්ලූ කර නැන්දම්මා ඝාතනය කළ ලේලිය අත්අඩංගුවට
Tuesday, 03 November 2020 - 7:50 | Views - 1,141

නානුඔය ප්‍රදේශයේ වතු යායකදී පහර දීමකින් සිය නැන්දම්මා ඝාතනය කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ ලේලිව ඊයේ(02) දින සැකපිට අත්අඩංගුවට ගත් බව නානුඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජෙසුන්දර මහතා පැවසීය.
මෙසේ මිය ගොස් ඇත්තේ නානුඔය පොලිස් වසමට අයත් සමර්සෙට් වතු යායේ පදිංචි ගොවින්දම්මා මාරිමුත්තු (78) හැවිරිදි තිදරු මවකි.
පවුලේ අරවුලක් හේතුවෙන් නැන්දම්මා සහ මාමණ්ඩිය එම වතු නිවාස පේලියේ වෙනම ජිවත් වන බවත්, පෙරේදා(01)දින අලූයම 5.30 පමණ එම වතු යායේ වැසිකිලියක මුහුණ වසා ගත් ලේලිය මාමණ්ඩියගේ බෙල්ල සිරකරගෙන සිටින අවස්ථාවේ ඔහු කෑගසන ශබ්දය ඇසී එම වතු නිවාස පේලියේ පදිංචිකරුවන් පැමිණ ලේලියගෙන් මාමණ්ඩිය මුදාගෙන ඇත.
පසුව එම වතු නිවාස පේලියේ පදිංචිකරුවන් සැකකාර කාන්තාවගේ නැන්දම්මා සොයන අවස්ථාවේ ඇය නොසිටි බවත්, වැසිකිලියට පිටුපස වේල්ලකින් පහළට වැටී සිටින අයුරු දැක පසුව දෙදෙනාම නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු නැන්දම්මා මිය ගොස් සිටි බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව සිය නැන්නදම්මාව වේල්ලෙන් පහළට තල්ලූ කරන්නට ඇති බව පොලිසිය සැක කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර කන්තාවට දරුවන් තිදෙනෙක් සිටින බවත්, ඇගේ සැමියා රෝගාතුරව වෙනත් නිවසක සිටින බවත් පොලිසිය පැවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
නුවරඑලිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරිය මහතාගේ උපදෙස් පරිදි නානුඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර , පො.ප රසික , උපොප සිරිපාල , පොසැ යැල්ලරාව (4733) , පොසැ විරසිංහ (66586) , පොකොක මාපා (11274) යන නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.
නුවරඑලිය නාලක රත්නායක
දිවයින
Share This Article