කොරෝනා නිසා තරුණයන්ට වඩා තිස් ගුණයක බලපෑමක් වැඩිහිටියන්ට
Tuesday, 03 November 2020 - 7:42 | Views - 430

කොරෝනා වෛරසය ආසාදනය වීමේදී වයස් පරතරය එතරම් ප්‍රබල බලපෑමක් අතිනොකරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම ප්‍රකාශ කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහන වෙත සජීවීව එක්වෙමින්.
කෙසේ වෙතත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එය ආසාදනය වීමෙන් අනතුරුව ඉන් තරුණයන්ට වඩා වැඩිහිටි පිරිසට තිස් ගුණයක පමණ වැඩි සංකූලතාවක් ඇතිවන බවයි.
එහිදී නිධන්ගත රෝග හේතුවෙන් එම බලපෑම තවත් වැඩි කරවන බවයි ඔහු පවසන්නේ.
දස දහසකට අධික වෛරස් ප්‍රභේද අතරින් වැඩි පැතිරීමක් ඇති වෛරසයක් මේ වනවිට ශ්‍රී ලංකාවේ පැතිරෙමින් ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ.
එහිදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ නිවසෙන් පිටතට බැහැරව ගමන් කරන පුද්ගලයන්ට දැඩි වගකීමකින් කටයුතු කළයුතු බවයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ හරහා බලාපොරොත්තු වන්නේ ජනගහනය එකතු වන අවස්ථා හැකි සෑම අයුරකින්ම අඩු කිරීම බවයි ඔහු සඳහන් කරන්නේ.
කණ්ඩායම් සමග රූගත කිරීමක් සිදුකරයි නම් එය මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශ ආරක්ෂා කළ යුතු බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ.
එමෙන්ම එහිදී අවම සේවක සංඛ්‍යාවක් යොදවාගැනීමට එහිදී මූලික අවධානය යොමුකළ යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.
Share This Article