අවදානම පහව ගිය ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමේ ක්‍රමවේදයක්
Monday, 02 November 2020 - 16:14 | Views - 487
අවදානම් තත්වය පහව ගිය සහ වෛද්‍ය පරීක්ෂණ පවත්වා අවදානමකින් තොර බවට තහවුරු කරගත් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව ආර්ථීක පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රකාශ කළා.
අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති හිටපු අමාතෘ්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කළේ ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාතේ සුදුසුකම් ලත් ජනතාවට මෙවරත් රුපියල් පන්දහසේ ජිවන දීමනවාද ලබාදෙන බවයි.
එසේම නිරෝධායනයට ලක්වන ආසාදිතයන් හා ආශ්‍රිතයන් සිටින නිවෙස් වෙත රුපියල් දස දහසක වටිනාකමක් සහිත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබාදීමද මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
එලෙස ආහාර ද්‍රව්‍ය මල්ල නොලැබෙන සහ ඇඳිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය මාර්ග අහිමිවූ සුදුසුකම් ලත් පවුල් සඳහා රුපියල් පන්දහසේ දීමනාව ලබාදෙන බවයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ.
Share This Article