මව නැති සොවින් මිය ගිය දරුවා ගැන, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට එල්ල වූ චෝදනාවලට පිළිතුරු
Monday, 02 November 2020 - 14:15 | Views - 2,145
හෝමාගම ප්‍රදේශයේ මවක කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්ගත කළ පසු ඇගේ පුත්‍රයා සිය දිවි හානි කරගැනීමේ පුවතක් පසුගියදා හිරු ප්‍රවෘත්ති මගින් විකාශනය කළා.

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහිදී නිසි පරිදි කටයුතු කර ඇති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ.  

කොවිඩ් 19 වෛරසයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් හෝමාගම, දොළහේන, හරිත පෙදෙසේ කාන්තාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවා සිය දිවි හානි කරගැනීමේ පුවතක් වාර්තා වුණේ පසුගිය 31 වැනිදා.

මහරගම ප්‍රදේශයේ මාළු වෙළඳ පොළකින් මාළු මිලදී ගෙන ඇති අතර අනතුරුව ඇයට කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙනුයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඇයව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණේ.

අදාළ කාන්තාවට විශේෂ අවශ්‍යතා සහිත අවුරුදු 25ක පුතෙකු සිට ඇති අතර නිවසේ ජීවත්ව ඇත්තේ ඔවුන් දෙදෙනා පමණයි.

කෙසේ වෙතත් සිය මව රැගෙන යාම හේතුවෙන් කම්පාවට පත් පුතු අනතුරුව නිවසට වැදී ගෙළ වැලලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මෙම කාන්තාව රෝහල් ගත කිරීමේ ක්‍රියාවලියේදී මහජන සෞඛ්‍ය රෙගුලාසිවලට පටහැනිව ක්‍රියා කළ බවටයි මත පළ වුණේ.

මේ සම්බන්ධයෙන් හිරු පත්තරේ විස්තරේ වැඩ සටහනේදී ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙලෙස පැහැදිලි කළා.

මේ අතර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ සම්බන්ධයෙන් මීට පෙර සිදුකර තිබූ ප්‍රකාශයක් ගැන යළි පැහැදිලි කිරිමක් සිදු කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top