ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේදී දැඩි සීමා
Monday, 02 November 2020 - 13:42 | Views - 1,897
හදිසි අවශ්‍යතාවක් හැර පෞද්ගලික ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

පෞද්ගලික ඇඳිරි නීති බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය නම් නිශ්චිතවම අවශ්‍යතාව සනාථ කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.  

මේ අතර ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 179 දෙනෙකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති අතර, මුව ආවරණ සහ මීටරයේ දුර පවත්වා නොගත් පුද්ගලයින් 70 දෙනෙකුද එම කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාත, කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය, කුරුණෑගල නගර සීමාව සහ ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයන් හි කිසිදු වෙළඳසැලක් හෝ ඖෂධ අලෙවිසැලක් අද දිනයේ විවෘත කර තිබුණේ නැහැ.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පැවතියද අත්‍යවශ්‍ය සේවා සඳහා පුද්ගලයින් අද දිනයේ බස්නාහිර පළාතට පැමිණෙන ආකාරයක් දක්නට ලැබුණා.

ඔවුන් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේද යන්න සහ ඇඳිරි නීති බලපත්‍ර ලබාගෙන ඇත්ද යන්න පිළිබඳ විමර්ශනය කිරීමට බොහෝ ස්ථානවල පොලිස් මාර්ග බාධක යොදවා තිබෙන ආකාරයක් දක්නට ලැබුණා.

බස්නාහිර පළාතටම සහ කුලියාපිටිය පොලිස් වසමට මෙන්ම ඇහැලියගොඩ පොලිස් වසමට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන 9 වන සඳුදා අලුයම 5 දක්වා  බලපැවැත්වෙනු ඇති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top