පිටකොටුවේ තොග වෙළඳසැල් හෙට විවෘතවෙයි
Monday, 02 November 2020 - 13:24 | Views - 981
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද හෙට(03) දිනයේදී පිටකොටුවේ තොග වෙළඳසැල් විවෘතව තබන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සභාපති එස්. රාජේන්ද්‍රන් කියා සිටියේ උදෑසන 5 සිට තොග වෙළඳසැල් විවෘතව පවතින බැවින් ඇඳිරි නීති බලපත්‍ර ලබාගෙන පැමිණෙන වෙළදුන්ට භාණ්ඩ බෙදා හැරීම සිදුකරන බවයි.  

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ආහාර මෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සඳහා රජය විසින් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව සතොස ආයතනයේ සභාපති නුෂාඞ් පෙරේරා කියා සිටියා.

ඒ අනුව සතොස මගින් ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.  

සතොසට අමතරව මෙරට ක්‍රියාත්මක සුපිරි වෙළඳසැල් ජාල මගින් ද ජනතාවට භාණ්ඩ බෙදා හැරීම සඳහා මේ වන විටත් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

මීට පෙර කොරෝනා ව්‍යාප්තිය සිදුවූ අවස්ථාවේදී සිදුකළ ආකාරයට ඔන්ලයින් ඔස්සේ භාණ්ඩ ඇනවුම් කොට ඒවා ලබා ගත හැකි අතර, වට්ස්ඇප් සහ දුරකථන ඔස්සේ ද භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලිය සිදුකරන බවයි එම සුපිරි වෙළදසැල් ජාල සඳහන් කළේ.

කොළඹ ඇතුළු ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට බේකරි නිෂ්පාදන අලෙවි කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදෙන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.  
   
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top