සුපිරි නළු ආර්නෝල්ඩ්ගේ හෘද සැත්කම සාර්ථකයි
Monday, 02 November 2020 - 13:12 | Views - 304
සුපිරි හොලිවුඩ් නළු ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්ගේ හෘද සැත්කම සාර්ථකව සිදු කර තිබෙන බවට විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා .
ඇමෙරිකාවේ ක්ලිවලින්ඩිහිදී සිදු කල මෙම සැත්කම සාර්ථකව සිදු කිරීමට සමත්ව තිබෙන බවටත් ඔහු මෙවර මෙම හෘද සැත්කම සදහා මුහුණ දී තිබෙන්නේ දෙවැනි වතාවට බවයි වැඩිදුරටත් අනාවරණය වන්නේ .
මෙම වන විට 73 වියෙහි පසුවන මෙම සුපිරි නළුවා මේවනවිට පුර්ණ සුවය ලබා සිටින බවත් තම සැත්කම සාර්ථකව සිදුකල සියලු දෙනාට සමාජ මාධ්‍ය ඔස්සේ තම ස්තුතිය පුද කර තිබෙන බවටයි සදහන් වන්නේ .
Share This Article