නිරෝධායන ඇඳිරිනීතිය පනවා නැති ප්‍රදේශවල කටයුතු කළයුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශයක්
Monday, 02 November 2020 - 12:50 | Views - 1,288

නිරෝධායන ඇඳිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සඳහාද සීමා කිරීම් හඳුන්වාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
රට තුළ දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා ඩ්‍රීම්නැමති සංකල්පය හදුන්වාදෙන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.
රට තුළ දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය වරින් වර වෙනස්වීම්වලට භාජනය වන අතර දැනට රට තුළ ඇති තත්ත්වය ඇලර්ට් ලෙවල් ත්‍රී ලෙසයි සැලකෙන්නේ.
එම නිසා මෙම ඩ්‍රීම් සංකල්පයට අනුගතව ක්‍රියා කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
එනම් ඩී ලෙසින් හඳුන්වන්නේ පුද්ගල දුරස්ථභාවය, පුද්ගලයින් ඒකරාශීවීම් නොමැතිවීම සහ නිවසේ රැඳී සිටීමයි.
ආර් ඊ ලෙස ශ්වසන ආචාර විධි හඳුන්වාදෙනු ලබනවා.
ඩී ලෙස හැඳින්වෙන්නේ විෂබීජහරණ ක්‍රියා පිළිවෙත් වන අතර එම් යනු මුහුණු ආවරණ නිසි ලෙස භාවිත කිරීමයි.
නිරෝධායන ඇඳිරිනීතිය පනවා නැති ප්‍රදේශවල කටයුතු කළ යුතු ආකාරයද එහි දැක්වෙන අතර අත්‍යවශ්‍ය සේවා සඳහා හෝ අවසර ලත් රාජකාරි සඳහා නිරත නොවන්නේ නම් නිවසින් පිටවීමට අවසර ලබාදී ඇත්තේ පුද්ගලයින් දෙදෙනෙකුට පමණයි.
පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී බස් රථයේ සහ දුම්රියේ සියයට 75ක ආසන ධාරිතාව දක්වා මගීන් ප්‍රවාහනය කිරිමට පමණක් අවසර ලබා දී තිබෙනවා.
පුද්ගලික කුලී රථ සේවා භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශය වන්නේ මෝටර් රථ සහ ත්‍රිරෝද රථ උපරිම මගීන් දෙදෙනෙකුට සීමිත බවයි.
වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාවයෙන් 50%කට සීමා කළ යුතුවනවා.
අත්‍යවශ්‍ය උපයෝගී සේවාවන් ලෙස සැලකෙන විදුලිය, ජලය, විදුලි සංදේශ, ඉන්ධන පිරවුම්හල්, එල්.පී. ගෑස් ස්ථාන, මෝටර් ගරාජ්, ටයර් සේවා සහ තැපැල්, කුරියර් සේවා ක්‍රියාත්මක කළ යුත්තේ අවම කාර්ය මණ්ඩලයක් යොදා ගනිමිනුයි .
රාජ්‍ය කාර්යාලවල මෙන්ම පෞද්ගලික අංශයේ කාර්යාලවලද අවම කාර්ය මණ්ඩලයක් සමඟ කටයුතු කළ යුතු අතර නිවසේ සිට වැඩකිරීමට හැකි සේවකයින් සඳහා ඉඩ ලබා දිය යුතුවනවා.
බැංකු, මූල්‍ය සමාගම්, උකස් මධ්‍යස්ථාන ආදී මූල්‍ය ආයතනවල ගනුදෙනු කරුවන් සඳහා ඉඩ ප්‍රමාණයෙන් සියයට 50ක ඉඩ ප්‍රමාණයක ගනුදෙනු කරුවන් ඇතුළත් කර ගත හැකියි.
අධිකරණ කටයුතුද සිදු කළ යුතු වන්නේ මුළු ආසන ධාරිතාවයෙන් සියයට 50 ක උපරිමයකින් යුතුව බවටයි එම මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.
බන්ධනාගාරවලට අමුත්තන්ට පැමිණීමට අවසර නොමැති අතර රජයේ රෝහල්, පුද්ගලික රෝහල්, ෆාමසි, රසායනාගාර, වෛද්‍ය සේවා ඇතුළුව සෞඛ්‍ය අංශ සඳහාද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සේවා පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අවම සේවකයින් සංඛ්‍යාවක් යොදා ගත යුතුවනවා.
එමෙන්ම ගෘහස්ථ හා එළිමහන් උත්සව හා මහජන රැස්වීම්ද පැවැත්වීමට අවසර හිමිවන්නේ නැහැ.
ව්‍යායාම ශාලා ගෘහස්ථ ක්‍රීඩා ශාලා, පවත්වාගෙන යා යුත්තේ ඉඩ ප්‍රමාණයෙන් සියයට 50ක ධාරිතාවයෙනුයි.
Share This Article