ස්වර්ගය විසින් වඩාත්ම ජනප්‍රිය දේවදූතයා ලබා ගෙන තිබෙනවා -සුපිරි නළු ශ්‍රීමත් ෂෝන් කොනරිගේ අභාවය වෙනුවෙන් මිණිබිරි තැබූ ආදරණිය සටහන
Monday, 02 November 2020 - 12:02 | Views - 282
ලොවපුරා සිනමා ප්‍රේක්ෂකයන්ගේ ගෞරවාදරයට පාත්‍රවූ සුපිරි නළු ශ්‍රීමත් ෂෝන් කොනරි පසුගියදා අභාවප්‍රාප්ත වුවා.
අභාවප්‍රාප්ත වන විට 90 වැනි වියේ පසු වූ ඔහු ඔස්කාර් සහ ගෝල්ඩන් ග්ලෝබ් යන සම්මානවලින්ද පිදුම් ලබා තිබෙන අතර ස්කොට්ලන්ත ජාතික ෂෝන් කොනරි ජේම්ස් බෝන්ඩ් රහස් පරීක්ෂක කතා මාලාවේ 007ට පණ පෙවූවා.
කෙසේනමුත් ශ්‍රීමත් ෂෝන් කොනරිගේ මිණිබිරිය වූ සස්කියා 90 හැවිරිදි වියේ පසු වූ ඔහුට උපහාර දක්වා තිබෙන අතර ඇය අවසන් වශයෙන් මෙලෙස ප්‍රකාශකයක් ද කර තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .
"ස්වර්ගය විසින් වඩාත්ම ජනප්‍රිය දේවදූතයා ලබා ගෙන තිබෙනවා , මගේ හොඳම මිතුරා, උපදේශකයා සහ ආදරණීය සීයාට ආයුබෝවන්,
සියලු පැතුම් වලට ස්තූතියි. " යනුවෙනි .
Share This Article