දුම්රියක ගැටීමෙන් 27හැවිරිදි එක් දරු පියෙකු ජීවිතක්ෂයට
Monday, 02 November 2020 - 11:54 | Views - 737
එළුවන්කුලම අරුවක්කාඩු ප්රදේශයේ සිට හුණු ගල් ප්රවාහනය කරමින් තිබූ දුම්රියක ගැටීමෙන් එක් දරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අද (02) අළුයම අරුවක්කාඩුව සිට පාලවිය සිමෙන්ති කම්හල දක්වා හුණුගල් ප්රවාහනය කළ දුම්රියේ ගැටීමෙන්.
අනතුරෙන් හිස්ට බරපතල තුවාල සිදු ව අධික ලෙස රුධිරය වහනය වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට වනාතවිල්ලුව පොලීසිය සැකපළ කරනවා.
මියගිය පුද්ගලයා වනාතවිල්ලුව මිදිවත්ත ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි එක්දරු පියෙකු බව සඳහන්.
දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිතයි
සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
Share This Article