දිස්ත්‍රික් ලේකම්වරුන් අරලියගහ මන්දිරයට
Monday, 02 November 2020 - 11:16 | Views - 531
බස්නාහිර පළාතේ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් අරලියගහ මන්දිරයට කැදවා තිබෙනවා.
අද(02) පෙරවරු 10.30ට අග්‍රාමාත්‍යවරයා සමඟ එම සාකච්ඡාව ආරම්භවීමට වීමට නියමිතව තිබුණා.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ජනතාවට අවශ්‍ය පහසුකම් හා සේවා සැපයීම මෙන්ම ඊට අදාළව මතු වී ඇති ගැටළු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර, දිස්ත්‍රික්ක 25හිම දිස්ත්‍රික් ලේකම්වරුන් ද අද පස්වරු 4ට අරලියගහ මන්දිරයට කැදවා තිබෙනවා.
ඒ, කොරෝනා වෛරස් වසංගත තත්ත්වය හමුවේ අදාළ දිස්ත්‍රික්කවල මේ වන විට උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
Share This Article