විලියම් කුමරුටත් අප්‍රේල් මාසයේ කොරෝනා වැළදිලා- ප්‍රසිද්ධ නොකළ හේතුව
Monday, 02 November 2020 - 10:33 | Views - 339
38 හැවිරිදි විලියම් කුමරු පසුගිය අප්‍රේල් මාසයේදී කොරෝනා වෛරස් ආසාදිතයෙකු බවට තහවුරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
මාලිගයේ ආරංචි මාර්ගයක් උපුටා දක්වමිනුයි එම මාධ්‍ය මේ බව ප්‍රකාශ කළේ.
38 හැවිරිදි විලියම් කුමරු හට කොරෝනා වෛරසය ආසාදනයව තිබු බවත්, ජනයා බිය වනු ඇතැයි සිතා මෙය ප්‍රසිද්ධ නොකළ බවත් සඳහන්.
කෙසේ වෙතත් විලියම් කුමරුගේ කාර්යාලය විසින් අදාළ කාරණාව සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළැකි සිටින බවයි එම මාධ්‍ය වාර්තා කියා සිටියේ.
පසුගිය අප්‍රේල් මාසයේදී විලියම්ස් කුමරු හටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
Share This Article