ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා ආසාදනය වෙයි
Monday, 02 November 2020 - 10:23 | Views - 384
ත්‍රිකුණාමලය මහරෝහලේ වෛද්‍යවරයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙකු මෙලෙස ආසාදිතයෙකු වී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ ජගත් වික්‍රමරත්න සඳහන් කළේ.
පසුගිය සිකුරාදා ඔහු කොටහේන ප්‍රදේශයේ පිහිටි තම නිවසට ගොස් පැමිණි පසු උණ රෝගය ඇතිවීම හේතුවෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.
ඒ හේතුවෙන් ඔහු සමඟ සේවය කළ තවත් වෛද්‍යවරුන් 3 දෙනෙකු ද ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගත් බවයි රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ.
Share This Article