මෙරට ආසාදිතයින් 11,000 ඉක්මවයි
Monday, 02 November 2020 - 7:22 | Views - 362
තවත් ආසාදිතයන් 397දෙනෙකු ඊයේ(31) දිනයේදී හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිත සංඛ්‍යාව 11,060 දක්වා ඉහළ ගියා.

අවසන් වරට වාර්තා වූ 397 දෙනාගෙන් 356 දෙනෙකු පෑලියගොඩ සහ ධීවර වරායන්වල ආශ්‍රිතයින් වන අතර 41 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 7582 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර  ලබන සංඛ්‍යාව 6134ක් වන අතර, ආසාදිතයින් 4905 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙන්නේ සේවකයින් විශාල සංඛ්‍යාවක් සිටින ආයතන තුළ නිසි ලෙස සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල හා සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබදව සොයා බැලිය යුතු බවයි.

මේ වන විට ලොව පුරා කොරෝනා වසංගතයේ දෙවන රැල්ලෙන් රටවල් රැසක් අඩපණ වී ඇති අවස්ථාවක ඕස්ට්‍රේලියාව ඊට සාර්ථකව මුහුණ දී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top