ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල වෙළඳසැල් සහ ඔසුසැල් අද විවෘත නොවේ
Monday, 02 November 2020 - 7:12 | Views - 2,360
බස්නාහිර පළාතටම යළිත් මේ මස 9 සඳුදා අලුයම 5 දක්වා ඇඳිරි නීතිය පනවනු ලැබූ බැවින් පෙර දැනුම් දුන් පරිදි වෙළඳසැල් සහ ඔසුසැල් විවෘත කිරීමට අවසර නොමැති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ පසුගිය සතියේදී බස්නාහිර පළාතේ සහ කුලියාපිටිය කොට්ඨාශයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ ප්‍රදේශවල ඔසුසැල් සහ වෙළඳසැල් විවෘත කිරීමට දින සහ වේලාවන් වෙන් කර තිබූ බවයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය මේ මස 9 වන දා අලුයම පහ දක්වා දීර්ඝ කරන බවයි.

මීට අමතරව ඇහැලියගොඩ, කුලියාපිටිය යන පොලිස් බල ප්‍රදේශවලට මෙන්ම කුරුණෑගල මහ නගර සභා බලසීමාවට ද අද(02) අලුයම 5 සිට එළඹෙන 9 වනදා අලුයම 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.

එමෙන්ම, නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශ 5ට ද මේ මස 9 වන දා අලුයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඇඳිරි නීිතිය ක්‍රියාත්මක ප්‍රදේශවල සේවා හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතයට ගත හැකි ආයතන සංඛ්‍යාව 89 දක්වා ඉහළ දැමූ බව ද ඔහු ඊයේ ප්‍රකාශ කළා.

එමෙන්ම, රජය නිරෝධායන ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එම ප්‍රදේශවල පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම අපේක්ෂා කරන බැවින් ඒ සඳහා ඇඳිරි නීති බලපත්‍ර ලබා ගන්නා ආකාරය පිළිබද ආයෝජන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ උපදෙස් ලබා ගත හැකියි.

මේ අතර, ඇඳිරි නීතිය පනවා නොමැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

පුද්ගල දුරස්ථභාවය, ශ්වසන ආචාර විධි, විෂබීජහරණ ක්‍රියාපිළිවෙත්, මුහුණු ආවරණ නිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් උපදෙස් එහි ඇතුළත්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top