පළාත් කිහිපයකට අදත් වැසි
Monday, 02 November 2020 - 7:05 | Views - 299
ඌව,නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකත් අද(02) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසිත් සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
මේ අතර මධ්‍යම,සබරගමුව, සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්වයක් ඇතිවිය හැකි බව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
Share This Article