මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් 90%කට රෝග ලක්ෂණ නැහැ
Monday, 02 November 2020 - 0:59 | Views - 2,746
මෙරටින් වාර්තාවී ඇති කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 90ක්ම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අය බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ සඳහන් කළා.
අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මීට පෙර වාර්තාවූ කොරෝනා වෛරස් ප්‍රභේදයට වඩා වෙනස් මෙම වෛරස් ප්‍රභේදය ක්ෂණික තවත් අයෙකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් සහිත බවයි.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ යම් රෝග ලක්ෂණයක් මතුවුවහොත් රෝහල්ගතවීමට පෙර 011 7 966 366 අංකය අමතන ලෙසයි ඔහු දැනුම් දුන්නේ
Share This Article