කොරෝනා වෛරස් ආසාදන රෝග ලක්ෂණ ඇත්නම් දැනුම්දීමට දුරකථන අංකයක්
Sunday, 01 November 2020 - 17:52 | Views - 504
කොරෝනා වෛරසය ආසාදනය වීමේ කිසියම් රෝග ලක්ෂණයක් පෙන්නුම් කළහොත් රෝහල් ගතවීමට පෙර 011 7966366 අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය දැනුම්දෙනවා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ කියා සිටියේ ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ගැනීමට අවශ්‍ය නම් මෙම අංකයට අමතන ලෙසයි.
Share This Article