කතෝලික ජනතාවට දැනුම්දීමක්
Sunday, 01 November 2020 - 15:51 | Views - 387
මළවුන් සිහි කරන හෙට දිනයේ ඊට අදාළ ආගමික චාරිත්‍ර නිවසේ සිට සිදුකරන ලෙස කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ විශේෂයෙන් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක මොරටුව, ජාඇල, කටුනායක, වත්තල, කඳාන, සීදුව හා මීගමුව යන ප්‍රදේශවල ජනතාව මෙලෙස අනිවාර්යෙන් නිවසට වී ආගමික චාරිත්‍ර සිදුකරන ලෙසයි.
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල වෙසෙන කතෝලික ජනතාව ද ඒකරාශීවීම් අවම කර මෙම උපදෙස් පිළිපදිනු ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අපේක්ෂා කරනවා
Share This Article