තවත් කොරෝනා ආසාදිතයන් 117දෙනෙකු සුවය ලබයි
Saturday, 31 October 2020 - 15:53 | Views - 629
කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 117 දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4,399 දක්වා ඉහළ යනු ඇති.
තවදුරටත් පුද්ගලයින් 6005 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
අයිඩීඑච් රෝහලට අද උදෑසන 10 වනවිට කොරෝනා ආසාදනය වී ඇති බවට සැක සහිත රෝගීන් 16 දෙනෙකු ඇතුළත් කර ඇති අතර, දැනට එම රෝහලේ 1,184 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
දැනට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10,424 ක්.
Share This Article