බෝධි පූජා පිංකමක් අතරතුර ඇතෙකු කඩාවැදී සිදුකළ පහරදීමකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට
Saturday, 31 October 2020 - 0:34 | Views - 3,731
කරුවගස්වැව, රජවිගම විහාරස්ථානයේ අද (30) පස්වරුවේ පැවති බෝධි පූජා පිංකමක් අතරතුර ඇතෙකු කඩාවැදී සිදුකළ පහර දීමකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ සිව් හැවිරිදි වියේ පසු වූ පිරිමි දරුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

වප් පොහෝ දිනය වෙනුවෙන් විහාරස්ථානයේ සංවිධානය කර තිබූ බෝධි පූජා පිංකම සඳහා අදාල දරුවා සිය මව සමඟින් සහභාගී වී ඇති අතර පිංකම අතර තුර විහාරස්ථානයට ඇතෙකු කඩා වැදී ඇති බවයි කරුවලගස්වැව පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේ කලබලයට පත්වූ පිරිස දිවගොස් ඇති අතර එහිදී  මවගෙන් මිදුනු දරුවාට බෝමළුව ආසලදී ඇතා පහර දී තිබෙනවා.

පසුව ගම්වාසින් විසින් මහත් පරිශ්‍රමයක් දරා ඇතා පලවා හැර ඇති අතර ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා සිටි දරුවා ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බවයි වාර්තා වන්නේ
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top