ඊයේ වැඩිම ආසාදිතයන් පිරිස මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන්
Friday, 30 October 2020 - 12:36 | Views - 961
කොරෝනා ආසාදිතයන් බවට ඊයේ තහවුරු වූ පුද්ගලයින් 586 දෙනාගෙන් වැඩිම පිරිස මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවන් බවට හෙළිවී තිබෙනවා.
එම සංඛ්‍යාව 58 ක් වන අතර, කොටහේන - සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් සහ යාපනය - විඩත්තපලෙයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 37 බැගින් වාර්තාවී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
එසේම මට්ටක්කුලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්ද ඊයේ දිනයේදී ආසාදිතයන් 32 කු සොයාගැනුනා.
Share This Article