කොරෝනා මැද ත්රස්තයෙකු විසින්, දෙදෙනෙකුගේ හිස ගසා දා දේවස්ථානයක් තුළ සිදුකළ සාහසික ඝාතනය
ප්රංශයේ නයිස් හි දෙව්මැදුරක සිදුවූ ත්රස්තාවදීයෙකුගේ පිහි ඇනුමකින් පුද්ගලයින් තිදෙනකු (දැනට තහවුරු කර ඇති පරිදි) ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
මෙසේ ඝාතනය කර ඇත්තේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක්. අනතුරුව එම ත්රස්ථවාදීයා විසින් ඒ අතරින් දෙදෙනෙකුගේ හිස ගසා දමා ඇති බව ද සඳහන්.
එසේ හිස ගසා දැමූ අය අතර කාන්තාව ද සිටිනවා.
මෙම සිදුවීම සිදුවී ඇත්තේ උදෑසන නවයට පමණ නයිස් හි විශාලතම රෝමානු කතෝලික පල්ලිය වන නොට්රේ ඩේම් බැසිලිකා හිදීයි.
පොලිසිය ඒ සැණින් ප්රදේශය වටලා ඝාතනය සිදු කළ පුද්ගලයාට වෙඩි තබා තිබෙනවා. අත්අඩංගුවට ගත් ඔහු රෝහල්ගත කර ඇති බවයි ඩේලිමේල් සඳහන් කරන්නේ.
මෙම පහරදීම සඳහා ඔහු තනිව ක්රියා කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මීට සති දෙකකට ඉහත ප්රංශයේ පාසල් ගුරුවරයෙකු සිසුන් පිරිසක් විසින් ඝාතනය කර තිබුනු අතර එහි උණුසුම යාමටත් මත්තෙත් එවැනිම වූ සිදුවීමක් වාර්තා වීම විශේෂත්වයක්.
Dailymail ඇසුරිනි.



