කොරෝනා මැද ත්‍රස්තයෙකු විසින්, දෙදෙනෙකුගේ හිස ගසා දා දේවස්ථානයක් තුළ සිදුකළ සාහසික ඝාතනය
Friday, 30 October 2020 - 10:44 | Views - 1,131
ප්‍රංශයේ නයිස් හි දෙව්මැදුරක සිදුවූ ත්‍රස්තාවදීයෙකුගේ පිහි ඇනුමකින් පුද්ගලයින් තිදෙනකු (දැනට තහවුරු කර ඇති පරිදි) ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙසේ ඝාතනය කර ඇත්තේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක්. අනතුරුව එම ත්‍රස්ථවාදීයා විසින් ඒ අතරින් දෙදෙනෙකුගේ හිස ගසා දමා ඇති බව ද සඳහන්.
 
එසේ හිස ගසා දැමූ අය අතර කාන්තාව ද සිටිනවා.
 
මෙම සිදුවීම සිදුවී ඇත්තේ උදෑසන නවයට පමණ නයිස් හි විශාලතම රෝමානු කතෝලික පල්ලිය වන නොට්‍රේ ඩේම් බැසිලිකා හිදීයි.
 
පොලිසිය ඒ සැණින් ප්‍රදේශය වටලා ඝාතනය සිදු කළ පුද්ගලයාට වෙඩි තබා තිබෙනවා. අත්අඩංගුවට ගත් ඔහු රෝහල්ගත කර ඇති බවයි ඩේලිමේල් සඳහන් කරන්නේ.
 
මෙම පහරදීම සඳහා ඔහු තනිව ක්‍රියා කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
 
මීට සති දෙකකට ඉහත ප්‍රංශයේ පාසල් ගුරුවරයෙකු සිසුන් පිරිසක් විසින් ඝාතනය කර තිබුනු අතර එහි උණුසුම යාමටත් මත්තෙත් එවැනිම වූ සිදුවීමක් වාර්තා වීම විශේෂත්වයක්.
 
Dailymail ඇසුරිනි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top