ඇඳිරි නීතියට පෙර බස්නාහිර පළාතෙන් ගිය අය සොයා මෙහෙයුමක්
Friday, 30 October 2020 - 10:38 | Views - 1,204
නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් වෙනත් ප්‍රදේශවලට ගිය පුද්ගලයන් සොයා මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඊයේ දිනයේ සිට බස්නාහිර පළාතෙන් පිටව යන සෑම ස්ථානයකම පොලිස් නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂා කිරීම් සිදුකර ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද උදෑසන හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහන සමග සජීවීව එක්වෙමින්.
Share This Article