ඇඳිරි නීතියත් සමඟ බස්නාහිර පළාතට ඇතුලුවීම සහ පිටවීම තහනම්
Friday, 30 October 2020 - 8:37 | Views - 463

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇතුලුවීමට හෝ ඉන් පිටවීම
තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
එමෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය කඩකරමින් සංචරණයන් සිදුකරන ඕනෑම පුද්ගලයෙකු පෙර දැනුම්දීමකින් තොරව අත්අඩංගුවට ගන්නා බවයි ඔහු කියා සිටියේ.
බස්නාහිර පළාතටම බල පැවැත්වෙන පරිදි ඊයේ මධ්‍යම රාත්‍රි 12 සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා.
එය ලබන සඳුදා උදෑසන 5 ට ඉවත් කෙරෙනවා. කෙසේ වෙතත් දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 37ම, කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 21 ක, කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ පහක සහ කුලියාපිටිය කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශ පහේ තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.
මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් තුනක්වත් විවෘත කර තැබීමට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග ද පවතින බවයි.
Share This Article