විශාල පිරිසක් බස්නාහිර පළාතෙන් පිටවූ බවට පළවන වාර්තා අසත්‍යයි
Friday, 30 October 2020 - 8:01 | Views - 816
ඊයේ දිනයේ සිට බස්නාහිර පළාතෙන් පිටව යන සෑම ස්ථානයකම පොලිස් නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂා කිරීම් සිදුකර ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද උදෑසන හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහන සමග සජීවීව එක්වෙමින්.

එහිදී ඇතැම් ස්ථානවල දැඩි රථවාහන තදබදයක් ඇතිවූ බවයි දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව බස්නාහිර පළාතේ පදිංචිකරුවන් විශාල පිරිසක් පළාතෙන් පිටව ගොස් ඇති බවට පළවන කටකතා සියල්ල අසත්‍ය බවයි හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහනට ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් එම නීතියට අවනත නොවී මේ වනවිටත් බස්නාහිර පළාතෙන් පිටව ගොස් සිටින පිරිස් සිටී නම් එම පුද්ගලයන්ට අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථාන හරහා නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති මෙම කාලසීමාවේ පිරිස් එක්රැස් වී ක්‍රීඩා කිරීමට හෝ කල්ලි කණ්ඩායම් ගැසී සිටීමට කිසිවෙකුටත් අවස්ථාව හිමි නොවන බවද ඔහු සඳහන් කළා.

ඒ පිළිබඳව විමර්ශනය කර කඩිනම් පියවර ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් ක්‍රියාත්මක බවද දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවා.

මේ අතර ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පුද්ගලයින් 50කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ඇඳිරිනීතිය කඩ නොකර සිය නිවෙස්වලට වී සිටීමේ අවශ්‍යතාව ජනතාව අවබෝධ කරගැනීම සමාජ වගකීමක් බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top