කොවිඩ් තත්ත්වය හේතුවෙන් නුවරඑළියේ සංචාරය නොකරන්නැයි ඉල්ලීමක්
Thursday, 29 October 2020 - 15:51 | Views - 396
රටේ උද්ගත වී ඇති තත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකා පැමිණීමෙන් වළකින ලෙසට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
නුවරඑළිය නගරයේ පිහිටි වික්ටෝරියා උද්‍යානය සහ ග්‍රෙගරි වැව උද්‍යානය මෙන්ම සඳතැන්න ඇතුලු සංචාරක ස්ථාන කිහිපයක්ම මේ වනවිටත් වසා දමා ඇති බවයි දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර සඳහන් කළේ.
Share This Article