කොරෝනා වෛරසය විනාශ කළ හැකි නව මුහුණු ආවරණයක් ඇමරිකාවෙන්
Thursday, 29 October 2020 - 15:24 | Views - 818
කොරෝනා වෛරසය විනාශ කළ හැකි මුහුණු ආවරණයක් නිර්මාණය කිරීමට ඇමරිකාවේ මැසචුසෙට් තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන් සමත්ව තිබෙනවා.

රත්වූ තඹ දැලකින් සමන්විත අදාළ මුහුණු ආවරණය නැවත නැවත භාවිත කළ හැකි වන අතර, සේදීමද අවශ්‍ය නොවන බවයි එම පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

මෙම නව මුහුණු ආවරණය පැළඳීමෙන් ආශ්වාස කෙරෙන වාතය අදාළ රත්වූ තඹ දැල් හරහා ගමන් කිරීමේදී විනාශ වන අතර, අධික උෂ්ණත්වය හේතුවෙන් ඕනෑම වෛරසයක් අක්‍රිය තත්ත්වයට පත්වන බව සඳහන්.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තිකයන්ට සහ පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට අපහසු බස් රථ වැනි ස්ථානවලදී භාවිතයට ගත හැකි මුහුණු ආවරණයක් ලෙස මෙය හඳුන්වාදිය හැකි බවයි පර්යේෂකයන් සඳහන් කර ඇත්තේ.

දැනටමත් අදාළ මුහුණු ආවරණයේ මූලකෘති නිර්මාණය කිරීම ආරම්භ කර ඇති අතර, එය ඉතා නුදුරේදීම අත්හදා බැලීමට අපේක්ෂා කරන බව මැසචුසෙට් තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top