නිවසේ නිරෝධායනය වෙමින් සිටි 76 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට -කොරෝනා නොමැති බවට තහවුරුවෙයි
Thursday, 29 October 2020 - 14:46 | Views - 6,999
නිවසේ නිරෝධායනය වෙමින් සිටි මුන්දලම ප්‍රදේශයේ කාන්තාවක් මියයාම හේතුවෙන් එම දේහයේ ආදාහන කටයුතු නියමිත සෞඛ්‍ය නීති රීතීන්ට අනුකූලව නිකවැරටිය, බලගොල්ලාගම ආදාහනාගාරයේදී ඊයේ (28) පස්වරුවේ සිදු කෙරුණා.
වයස අවුරුදු 76ක කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගිය කාන්තාවගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවට අනුව ඇයට කොවිඩ් 19 රෝගය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.
කෙසේ වෙතත් ඇය සමඟ නිරෝධායනයේ සිටි තවත් පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා තවමත් ලැබී නොමැති වීම හේතුවෙනුයි දේහයේ ආදාහන කටයුතු සෞඛ්‍ය නීතිරීති අනුව සිදුකිරීමට සෞඛ්‍ය අංශ නියෝග ලබාදී ඇත්තේ.
මේ අතර දේහයේ ආදාහන කටයුතු බලගොල්ලාගම ආදාහනාගාරයේදී සිදුකිරීමට පස්වරු 4.00 වන විටත් නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ අවසරය නොලැබීම හේතුවෙන් දේහය පැය 04ක පමණ කාලයක් ආදාහනාගාරය අසල තබාගෙන සිටීමට එය රැගෙන ආ සෞඛ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසට සිදුවූ බව වාර්තා වනවා.
Share This Article