ජනතාවගේ සහයෝගය මත ඉක්මණින් මෙම තත්ත්වය පාලනය කළ හැකියි
Thursday, 29 October 2020 - 11:31 | Views - 389

නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද උදෑසන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ දී
සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළා.
කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමෙන් පසු මෙලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ධුරයට පත්වූවා.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මහා සංඝරත්නය, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරින් එක්ව සිටියා.
එහිදී සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් පසු වැඩ බාරගැනීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් බාරදෙනු ලැබුවා.
සිය ධූරයේ රාජකාරී කටයුතු ඇරඹීමෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා -
“කොවිඩ් -19 වසංගත තත්ත්වයක් මේ වනවිට ලොව පුරා තිබෙනවා. අප රටෙන් ද නව පොකුරු වාර්තා වුනා. සෞඛ්‍ය අංශ හා ත්‍රිවිධ හමුදා එක්ව එම තත්ත්වය පාලනය සදහා කටයුතු කරනවා. සමහර ප්‍රදේශවල නිරෝධායන ඇඳිරිනීති සහ සංචරණ සීමා පනවා තිබෙනවා. ජනතාව ප්‍රධාන මාර්ග වල සංචරණය සීමා කළත් අතුරු මාර්ගවල සංචරණ සිදුවන බව වාර්තා වනවා. ජනතාව ලබාදෙන සහයෝගය මත ඉක්මණින් මෙම තත්ත්වය පාලනය කළ හැකියි. මෙම කටයුතු සදහා ජනතාවගේ සහයෝගය ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.”
Share This Article