ඊයේ කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩිම සංඛ්‍යාව කොළඹින්
Thursday, 29 October 2020 - 11:25 | Views - 1,098
ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 335 දෙනාගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 237 කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
එම පිරිස අතරින් ද 161 දෙනෙකු කොළඹ 01 - 15 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලින් හඳුනාගෙන ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10ක්, කුරුණෑගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 4 බැගින් වාර්තා වී තිබෙනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 3ක් වන අතර, ගාල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් ද ඊයේ ආසාදිතයෙකු බැගින් වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article