අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම පොලිස් ඇදිරි නීතිය
Thursday, 29 October 2020 - 8:12 | Views - 302

අද මධ්‍යම රාත්‍රියේ සිට ලබන සඳුදා අලුයම 5 දක්වා බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට සඳුදා දිනයෙන් පසුව ද අඛන්ඩව එය ක්‍රියාත්මක බවයි.
එහෙත්, අද මධ්‍යම රාත්‍රියේ සිට අලුතින් පනවන ප්‍රදේශවල ඇදිරි නීතිය අනිවාර්යයෙන්ම සඳුදා අලුයම 5 ඉවත් වන බව ද ඔහු ප්‍රකාශ කළා.
නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක සියලු ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් සහ ඔසුසැල් අද පෙරවරු 8 සිට රාත්‍රි 10 දක්වා විවෘතව තැබෙන බවද, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.
එමෙන්ම, අද පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 73 දෙනෙකු සහ වාහන 3ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 1235ක් සහ වාහන 177ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.
මේ අතර, පොලිස් මූලස්ථානයේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් සිවිල් පොලිස් නිලධාරින් අද සිට යොදවන බවයි.
Share This Article